කවිකාරියේ........

මූසල සුසානයක මිහිදන් කළ නොමියෙන මතකය....





කථාව මුල සිටම පටන් ගන්න,මට ටිකක් කාලයේ ආපස්සට යන්න සිදුවෙනවා..මේ කවිකාරි මට මුලින්ම මුණ ගැහුනෙ මම  open university එකේ  1st year  ඉගෙනගන්න පටන් ගත් කාලෙමයි.......එයත් අපේ බැච් එකේම සොයුරියක්..හරිටම කියනවානම් අක්කා කෙනෙක්..මට එයාව අඳුන ගන්න ලැබුන පළවෙනි අවස්ථාවෙ ඉඳල මගේ හිත පුදුමාකාර විදියට පැහැදුනා...


campes එකේ අපි ඉඳපු සෑම දිනයක් පාසාම,ඇය කෙරෙහි මගෙ සිතේ ඇතිවුන අචල සෙනෙහස වැඩිවුනා.ඒත් අපි දෙදෙනා අතර කොයිම වෙලාවකවත් යාළුකමකට එහා ගිය සම්බන්ධයක් ගොඩනැගුනෙ නැහැ.ඇය මා ගැන දැක්වූයේ කෙල්ලෙක්,කොල්ලෙකු කෙරෙහි දක්වන සාමාන්‍ය සැලකීම පමණයි..


campas එකේ බැච් එකක් විදියට අපි සංවිධානය කළ පළවෙනි වැඩසටහන "විශ්‍රාන්තිය" කියලා සංගීතමය වැඩ සටහනක්..


ප්‍රෙෂාල විදියට අපි ඒක සංවිධානය කලේ පුදුම උනන්දුවකින්..කට්ටියක් මියුසික් ප්‍රැක්ටිස් කරද්දි කට්ටියක් ඩෙකරේශන් වලට ලේස්ති වෙනවා.මටත් ඔය මියුසික් වගේ වැඩ බැරි උනත් මාත් ඒ පැත්තෙ නිතර කැරකුනේ මෙයා කීර්ති පෙස්කුවෙල්ගේ කවිකාරියේ කියන සින්දුව එතන පුහුණු වෙන නිසයි..එක වෙලාවක

" **සො(ඒක තමා මගේ එහේදි card එක) එන්න මා එක්ක යුග ගීයක් කියන්න"


 කියලා අඩගහද්දි


"බෑ බං,උබත් එක්ක මං සිං කරද්දි  කට්ටිය මට ගහන ගල් උඹටත් වදී"


කියල මං මාරුවෙන්නෙ මගේ සිංග් කිරිල්ල ගැන කාටත් වඩා හොදට මන් දන්න නිසයි..විශ්‍රාන්තිය දවසෙ එයා ඒ කියපු සිංදුවත් එක්ක ඒ කවිකාරි මගේ හදවතේ ගැඹුරුම තැනක සටහන් වෙලා ඉවරයි...එදා ඉදන් මන් එයාගෙ හිනාවකට පවා ඇළුම් කළා.එයා ආවෙ නැති දවසක් උනොත් එදාට මුළු කැම්පස් එකම පාළුවට ගියා වගේ දැනුනා.
මෙහෙම දවස් ගෙවීගෙන යද්දී එයා මට සමීප වෙනවට වඩා මන් එයා  නිසා විදවනවද කියලත් මට තෙරුම් ගන්න බැරිවුනා.නුපුරුදු වුන ආගන්තුක හැගීමත් එක්ක එයා  කථා කරද්දි පවා ලොකු බරක් වගේ,වෙනදා වගේ සැහැල්ලුවෙන් එයාව ආශ්‍රය කරන්න බැරි වගේ දැනුනා. මගේ ඒ ලැජ්ජාශීලී කුලෑටිකම නිසාම මන් වුවමනාවෙන්ම එයාව මගහරින්න හැදුවා,ඒක එයාටත් හොදටම තේරෙන්න ඇති.එයා දවසක්,දෙකක් නෙවෙයි කීප සැරයක්ම


"දැන් **සා මා එක්ක කථා කරන්නෙවත් නෑ නේද..?"


 කියල ඇහුවෙ.
ඒ වෙලාවෙ කියාගන්න බැරි තරමට දුකක් දැනුනත් කිසිදෙයක් කියාගන්න බැරි තරමටම මගේ හිත ගොලුවෙලා තිබුනෙ..


ඔන්න ඔය අතරෙ උසස් පෙළ ප්‍රතිපළ අවා.මොර‍ටුව විශ්ව විද්‍යාලයේ පාඨමාලවකට සුදුසුකම් ලැබීමත් එක්ක මට ඉක්මනටම කවිකාරිගෙනුත් ඒ වගේම open එකේ  අනිත් යාළුවන්ගෙනුත් ඉක්මනටම වෙන් වෙන්න සිදු වුනා.එදා මගේ ජීවිතේ මහා මූසල දවසක්..ඒත්   අපේ උන්ට ඕන වෙලා තිවුනෙ මගේ පාටිය..මෙහෙමත් බැචාලා...උන්ට මම යන දුකට වඩා අන්තිම දවසෙත් දත ගලවන්නයි try කලේ.උන් පාටිය ගොඩ දාගෙන හෙන එන්ජෝයි එකක.විහිළු තහළු, හිනාවන් අතරේ සගවා ගත් කදුළකින් මගේ හිත අතරමං වෙලා තිබුනා..


වැඩේ කියන්නෙ කාපු බීපු එකෙක්වත්


 "ඇයි මචන් අවුල..?"


කියලවත් අහපු නැති එකනෙ..




කාගෙන් වෙන් වෙන්න වුනත් එයාගෙන් වෙන් වෙන්න වෙන එක මට ගොඩාක් අමාරු දෙයක් වෙලා.හිතලම ආශ්‍රය ඈත් කරන්න හැදුවත්  ඒ අහිංසක හිනාව දිහා ඈතින් ඉදන් නිශ්ශබ්ධව බලන් ඉන්න එක මට සතුටක් වෙලා තිබුනා..  එදා එයාට lab දවසක්.අන්තිම දවසෙ මන් යනවා කියලා කියන්නවත් මට එයාව අල්ලගන්න බැරිවුනා.ජීවිතේ ඕනවට වඩා සංවේදි කෙනෙක් වුන මට එදා එයාව මගහැරුන එක වෙලාවකට හොදයි කියලා අද මට හිතෙනවා..


ඔහොම කාලය ටිකෙන් ටික ගෙවිල යනකොට මට දැනගන්න ලැබුනා එදා ඉදපු නිදහස් කෙල්ල අද පෙම්වතියක් වෙලා කියලා.ඒ අපේ බැච් එකේම සොයුරෙක්.මට ඒ ගැන කණගා‍ටුවක්වත් වේදනාවක්වත් ඇති උනේ නැහැ.ඔව්..ඇයට ඕන කෙනෙකුට ආදරය කරන්න ඇයට සම්පූර්ණ අයිතියක් තියෙනවා,


හොද ආදරයක්,ආරක්ෂාවක් ආදී හැම දෙයක්ම ලබන්න ඇය වාසනාවන්ත වීම පුදුමයක් නෙවෙයි.ඉතාමත් ආකර්ශනීය කාන්තාවක් වෙලා,ඇය උපතින්ම ඒ වාසනාවට උරුමකම් කීවා.ඒකෙ ඇති වැ‍රැද්ද මොකක්ද..?ඇගේ ආදරය ගැන මම දුක් උනේ නැහැ,මං ඒ වගේ ඉරිසියාකාර දුෂ්ඨයෙක් නෙවෙයි.මං වගේ බොළද, කැත, පොඩි, කෙට්‍ටු, කෙනෙකුට ආදරය නොකලට වාසනාව ඇය හොයාගෙන ආවා.ඇගේ සතුට ගැන මන් අවංකවම සතු‍ටුවුනා.මම ඒ කවිකාරිට ආදරේ කලේ අන්න ඒ විදියටයි.


ඉතින් මගේ ජීවිතේට කවදාවත් ඇයව මුනගැහෙන්න බලාපොරොත්තුවක් තිබුනෙ නැහැ.නමුත් පසුගිය දවසක බැච් එකේ සෙට් එක දළදා මලිගාව වදින්න යන ගමනට මටත් කතා කළා,එයා එන බව දැනගත් නිසාම  මමත් ඉතින්  හා තමයි..එයා ආවා,ඒ එයාගෙ boy friend එක්ක.


වෙනදා වගේ නෙවෙයි..දැන් ඇයව දකිද්දි මට වෙනසක් දැනුනෙ නැහැ,මේ වෙනකොට මට එයාව ආගන්තුක නැහැ,මොකද ගෙවුනු ඒ අතර කාලෙදි මගේ ජීවිතේටත් ගොඩක් දේවල් වෙලා තිබුනා,මොර‍ටුවට ආවට පස්සේ මාත් සිරාවටම කෙල්ලෙකුට ආදරේ කළා.ඒත් එයා මගේ බොළද කමත්,සංවේදි කමත් එක්ක හොදට සෙල්ලම් කරලා මගේ ජීවිතෙන් වැඩිකල් නොගිහින්ම ඈත්වුනා.ඇති වෙච්ච වෛරෙත් එක්ක මම හැම කෙල්ලෙකුටම වෛර කළා.ඒ වෙනකොට කෙල්ලෙක් ළග හැගීම් වලට තියෙන  ඇබ්බැහියාව ගැන මං අවබෝධයෙන් ඉදියෙ.පස්සේ නවන්න පුලුවන් හැමෝම නැව්වා.එක්කෙනෙක් දෙන්නෙක්  නෙවෙයි..කීප දෙනෙක්ම ,ඒත් එතැන ආදරයක් තිවුනෙ නැහැ.සිහියට වඩා අවසිහිය ජීවිතේ උන මට හොද නරක වැඩක් උනේ නැහැ.


මම එදා එයාව වෙනදාටත් වඩා ලස්සනට දැක්කා.
පිස්සු කෙල්ල, එයා මගෙන් අහනවා


"පංසල් යන්න ඔහොමද එන්නෙ කියල..?"


කියන්නෙ මං ඇදන් ඇවිත් තිවුනෙ කළුම කළු පාටින්නෙ..පංසල් තියා කොහේ වුනත් මට ගානක් තිවුනෙ නැහැ,ඒත් ඒකට එයා.. සුදට
 සුදේ ඇදල විතරක් නෙවෙයි කලින් දවසෙ අත් දෙක රිදෙනකම් සීනි සම්බලුත් හදල අපි හැමෝටම කන්න.
"මෙලෝ රහක් නෑ හලෝ.." කියන්න හැදුවත්  ආපහු පව් කියල හිතුනා.
ඒත් මට මන් ගැනම කළකිරීමකුත් ඇති උනා.ඒ වෙනකොට මම මහා කුරිරු පරිසරේකට වැටිලයි තිබුනෙ.එයාවත් එක්ක මට ගොඩක් දේවල් මතක්වුනා.එදා දළදා හාමුදුරුවන්ගෙන්  මං මගේ ජීවිතය ආපහු ඉල්ලුවා.




මට ජීවිතේ ගොඩාක් තැන්වල වැරදුනා.වැ‍රැද්ද හදාගන්නවා වෙනුවට මම තවත් වරද්ද ගත්තා.වැරදීම් අතර තියෙන මේ අහිංසක මතකයන් එක්ක මම තවමත් ජීවත්වෙනවා.


අදටත් මම හිතුන වෙලාවට ඒ සිංදුව අහනවා,ඒ කීර්ති පෙස්කුවෙල් කියන නිසා නෙවෙයි,ඔයා එදා ඊට වඩා ලස්සනට කියපු නිසා..ඒ සිංදුවත් එක්ක කියාගත නොහැකි වූ සාංකාවක් වගේ හැගීමකින් අතරමං වෙන්න අදටත් මම ආස කරනවා.


ඒක බොහොම පුදුමාකාර බැදීමක්,සෙනෙහසක්...එක බැල්මකින්වත් කිළු‍ටු නොවුනු ඒ නිරාමිස ආදරය ගැන අදටත් ගෞරවයෙන් මතක් කරන්න පුළුවන් මට..ගොඩාක් හොද අය ළගින් තියාගන්න බැරි තරමට පව්කාරයෙක් මම.එහෙම නෙවෙයි කියලා ඔයා මට දවසක් කීවට ඇත්ත ඒකම වෙන්න ඇති.
ඉතින්  ඔයා කොහේ ඉදියත් හොදින් ඉන්න.කොයි තරම් වැරදි කලත් ඔයාගෙ මේ පිස්සු මල්ලි ඔයාට වරදක් වෙනවා දකින්න ආස නැහැ.


ඉතින්..

"දිවි සාමිනේ.. මංදා අනේ... හිත මාගෙ චංචල් වෙළා........."

No comments:

Post a Comment