නායකයෙකු විසින් පරාජයන් කලමනාකරනය කල යුත්තේ කෙසේද?



මෙම පැනයට පහත සදහන් පිලිතුර ලබා දෙන ලද්දේ ප්‍රසිද්ධ විද්‍යාඥයෙකු සහ හිටපු ඉන්දීය ජනාධිපතිවරයෙකු වන අබ්දුල් කලාම් විසිනි...


ඔබේ ප්‍රශ්ණයට පිලිතුරු ලෙස මම මගේම අත්දැකීමක් ඔබට පවසන්නම්. මම 1973දී ඉන්දීය චන්ද්‍රිකා වැඩසටහනේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂක ලෙස තේරී පත්වුනා. අපේ අරමුණ වුනේ 1980 වන විට ප්‍රථම ඉන්දීය චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කිරීම.ඒ සදහා අවශ්‍ය කරන සියළුම ප්‍රතිපාදන සහ මානව සම්පත් මා වෙත ලබා දුන් අතර ඉතා පැහැදිලිව මට උපදෙස් ලබා දුන්නේ 1980 වන විට අනිවාර්යෙන්ම ප්‍රථම ඉන්දීය චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත විය යුතු බවයි. ඉතින් ඊළග වසර හය පුරාවටම ඉංජිනේරුවන් තාක්‍ෂණික නිළධාරීන් සහ කම්කරුවන්ගෙන් සමන්විත වූ අප කණ්ඩායම ඒ අරමුණ වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙස වී වැඩ කලා.

1979 වසරේදී,මට මතක හැටියට ඒ අගෝස්තු මාසය,අපි හිතුවා අපි අපේ අරමුණට සූදානම් බව,එනම් ප්‍රථම ඉන්දීය චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතකිරීමට. ව්‍යාපෘති අධ්‍යක්‍ෂකවරයා ලෙස මම චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතකිරීමට නියමිත දිනයේදී පාලක මධ්‍යස්ථානයට පැමිනියා.

 
චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතකිරීමට පෙර ප්‍රධාන පාලක පරිගණකය නියමිත පරීක්‍ෂාවන් ආරම්භ කල අතර මද වේලාවකින් පරිගනක තිරයේ රතු පැහැයෙන් සටහන් වූයේ යානයේ ඉන්ධන පිලිබද වූ ගැටලුවක්,එම ගැටළුව නිසා චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතකිරීම පරිගණකය විසින් නවතා දැමුවා. නමුත් මා සමග පාලක මධ්‍යස්ථානයේ ඒ මොහොතේ සිටි ඉංජිනේරුවන් ඔවුන් ඒ සියලුම දත්ත කලින් පරීක්‍ෂා කර ඇති බව පැවසූ නිසාත් ඒ පිලිබදව ගැටලුවක් නොමැති බව පැවසූ නිසාත් චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතකලා. පලමු විණාඩිය ඇතුලත සියලුම දේ හොදින් සිදුවූවත් දෙවණ විණාඩිය ඇතුලත එය පුපුරා විනාශ වුනා,අපේ උත්සාහය ව්‍යර්ථ වුනා.

එදින ඉන්දීය අභ්‍යාවකාශ ආයතනයේ සභාපති සතිෂ් ධාවන් මහතා චන්ද්‍රිකාව විනාශ වීම පිලිබදව මාධ්‍ය හමුවක් කැදවූවා. චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත වුනේ උදෑසන 7ට වූ අතර මාධ්‍ය හමුව පැවැත්වූවේ උදෑසන 7.45ටයි. 7.45 වන විට ලොව පුරා මාධ්‍යවේදීන් සිය ගනනක් ඉන්දීය අභ්‍යාවකාශ ආයතනයට රැස් වුනා.

නියමිත වේලාවට මාධ්‍යහමුව ආරම්භ වුනා,ඉන්දීය අභ්‍යාවකාශ ආයතනයේ සභාපති සතිෂ් ධාවන් මහතා මාධ්‍ය හමුව ඇමතූ අතර අපේ පරාජයේ සියලුම වගකීම ඔහු බාර ගත්තා. අප කණ්ඩායම බොහෝ වෙහෙසී වැඩ කලත් තාක්‍ෂණික අංශයේ සුලු වරදක් නිසා චන්ද්‍රිකාව විනාශ වූ බව පැවසූ ඔහු ලබන වසරේදී අප කණ්ඩායම අනිවාර්යෙන්ම සාර්ථක වන බවට බොහෝ විශ්වාසයෙන් පැවසුවා. ව්‍යාපෘති අධ්‍යක්‍ෂකවරයා ලෙස චන්ද්‍රිකාව විනාශ වීම මගේ වගකීමක් වූවත් ඔහු අප ආයතනයේ සභාපතිවරයා ලෙස චන් ද්‍රිකාව විනාශ වීමේ වගකීම භාර ගත්තා.

ඊලග වසරේ,එනම් 1980 ජූලි මාසයේදී අප නැවතත් චන්ද්‍රිකාවක් අභ්‍යාවකශ ගත කිරීමට උතාසාහ ගත් අතර එය සාර්ථක වුනා,ප්‍රථම ඉන්දීය චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතවුනා,මුලු ජාතියම ප්‍රීති ප්‍රමෝදයට පත් වුනා. සතිෂ් ධාවන් මහතා නැවතත් මාධ්‍ය හමුවක් කැදවූවා,මාධ්‍ය හමුව ආරම්භ වීමට මොහොතකට පෙර මා අසලට කැදවූ ඔහු මාධ්‍ය හමුව ඇමතීම මට භාර කලා.

එදින මම ජීවිතයේ විශාල පාඩමක් ඉගෙන ගත්තා. ආයතනයේ ප්‍රධානියා පරාජයේ වගකීම භාර ගත් අතර ජයග්‍රහනයන් ඔහු තම කණ්ඩායමට භාර කලා. මා ජීවිතයේ උගෙන ගත් හොදම කලමනාකරණ පාඩම උගත්තේ පොතකින් නොවේ,මගේම එම අත්දැකීමෙන්.





උපුටා ගත් මෙම post 1 ට නිමිත්ත : පසුගිය මස ශ්‍රී ලංකාවට පැමිනි මොහොතේ අප සරසවියට පැමිණ කරන ලද දේශනය වෙනුවෙන් උපහාරය පිණිසයි..

No comments:

Post a Comment