අපි නොදු‍ටු අපේ කම...

ෆයිනල්ස් ගොඩ දා ගැනීම පිණිස යහන් ගත වූ යටා...

අපේ බැච් එකේ ඉදපු ඩයල් එකක් තමා A to Z යටවර කියන්නේ..ඌට එහෙම කියන්නේ උගේ මුල් අකුරු සෙට් එක දිගයි ඌටත් වඩා...හරියටම කියනවනම් උගේ සම්පූර්ණ නම් ලියන්න අයිඩෙන්ටියෙ ඉඩ මදි..


කයියත් මුගේ නම වගේම හැම වෙලවෙම දිගයි..ඒත් කොයිම වෙලාවකවත් අහගෙන ඉන්න එපා වෙන්නෙ නැත්තෙ මූ  ඒක රගපාල, ඇක්ශන් එහෙම දාල කියන නිසයි...මූ දිගට දිගේ කථාව කියවල ඉවර උනාට පස්සේ ඌ පොඩි නෝන්ඩි හිනවාකුත් දාල කියනවනෙ..

"මචන් මං බොරුවක් බං කීවෙ කියල"

ඉතින් කට ඇරන් අහන් ඉදපු අපේ උන්ට පට්ට මල..

මූ අරින නයි නිසා මූ සිරාවට මුකුත් කීවත් අපේ අය ඩෝන්ට් කෙයා තමා..ඉතින් මු කතාව  කියද්දි "අම්මා.........පල්ල බන් " කියන්න පුරුදුවෙලා ඉදියා..

ඒක නිසා මූ පාරෙදි දැක්කත්
"යටා.. අම්මා....පල්ල කතාවක් කියල පලයන්කො"
පජාතම කරලා යන්න පුරුදු වෙලා ඉදියා..

කොහොම උනත් මූ හොද එකා..
මූ තමා අපේ කැම්පස් එකේ hutch කපල් පැකේජ් එක කරන්නේ..ලොකු ගනන් වලින් වැඩ නිසා  මුදලාලි කියලයි වැඩි දෙනා මූට කියන්නේ..කපල් වුන අයට වගෙම කපල් නොවුන අයටත් මෙ කපල් සිම් ඇගේ ගහන්න මූ තමා දක්ශයා..

කොයි තරම් සල්ලි අත පත ගෑවත් මූ අනිත් උන්ට වඩා මනුස්සකම තියෙන එකෙක්.අපිත් එක්ක කන්න එන ***ගෙ කෑම එකේ ගාන මූ ගෙවන්නෙ ඌට සල්ලි නෑ කියලා දැනගෙන. දවසක් අපි හතර පස් දෙනා ගොඩට කන්න එද්දි මුත් ආව එදා..(ගොඩ කියන්නෙ මොර‍ටුවෙ තීන ෆේමස් කැන්ටිමක්..)

එදා සෙට් එකම එකතු වෙලා මාව බයිට් කරන්න පටන් ගත්තෙ නැතෑ.මූ තමා මූලිකයා.මූ කෑ ගහලා, රගපාල මාවම අල්ලගෙන.. හි** (අපේ ගම) ගැනයි, ගමේ අය ගැනයි කිය කියා මවම බයිට් කරනවා..මටත් ඉතින් මල තමා.

මල කියලා මුන් දැන දැනත්  මුන්ගේ නැවතීමක් නෑ, මට දැන් යටාව කන්න හිතයි.අන්තිමේ මලම පැනලා මන් යටාට කේස් කරා. කෝමත් මන් කුකුල් කේන්තිකාරයනෙ.එදා ගොඩ උඩදි ඇගිල්ල දිග් කරලා ඌට කෑ ගහනවා ගොඩේ ඉදපු කොල්ලො,කෙල්ලො ඔක්කොම බලාගෙන.තව ඩිංගෙන් මහ වලියක්.අපෙ උන් යටාව පැත්තකට අරන් ගිය නිසා නිවුනා.ඌට හැබයි වෙන වෙලාවට තිබුනු කට එවෙලෙ තිවුනෙ නෑ,ඇග පත තිවුනට කවුරු හරි "මොකෝ හු**?" කියලා ඇහුවොත් ඌ හරී අහිංසක සමනලයෙක් තමා.

එදා සිද්දිය වෙලා හොස්ටල් එකට ආවට පස්සේ මට හොදටම අවුල්.අර වෙලේ මා එක්ක ඌත් එකට එක කියාගෙන ආවනම් එහෙම අවුලක් වෙන එකක් නැහැ.උගේ නිශ්ශබ්ධ ප්‍රථිචාරය මට වේදනාවක් උනා.කළබල වුන මන් කලේ මහා මෝඩ වැඩක්, මන් මහා දුශ්ඨයෙක් කියලා මගේ හිත මට දඩුවම් දුන්නා. මොකද ඌ ඕනම කෙනෙකුට උදව්වක් කරන්න දෙපාරක් හිතන කෙනෙක් නෙවෙයි.මටත් ඌ ගොඩාක් උදව් කරපු එකෙක්.

මේ සිද්දිය උනේ ෆයිනල් එක්සෑම් දවස් අතරෙදි.එත් ඊට පස්සෙ එදා මට පොතක් අල්ලන්නවත් හිත නැහැ.අවුල යන්නත් එක්කලා එක්සෑම් යකාට දාලා මුළුවරුවම නිදාගත්තා.

පස්සේ මන් උගේ රූමට ගිහින්, මචන් වුන දේ සීරියස් ගන්න එපා කියලා කීවා.

උගේ මනුස්සකම කියන්නේ "උබ නෙවෙයි බන් මමයි වැරදි,මමයි ඕනවට වඩා එල්ලිල ආවෙ" කියාල වැ‍රැද්ද ඌ පිට දාගන්නයි හැදුවෙ.මං වෙන කෙනෙකුට අර වගේ ටෝක් කළා නම් ඌ මගේ මූනවත් බලන්නේ නෑ.ඒක මට හොදටම ශුවර්.ඒත් එදා මනුස්සකම කියන්නේ මොකක්ද කියලා ඌ නිහඩවම මට තේරුම් කළා.

යටා..  කුහක, ආත්මාර්ත්කාමී මේ සමාජේ උබ තවමත් ඔළුව කෙලින් තියාගෙන ඉන්නේ කොහොමද කියලා අද මං දන්නවා. උබෙන් උදව් ගන්න එවුන් උබටත් කෙලවලා ගිය අවස්ථා එකට ඉදපු අපි දන්නවා.ඒත් ඒ දේවල් වලටවත්,සල්ලිවලටවත් උබේ මනුස්සකම  තාම යටවෙලා නැහැ.සල්ලි හුගක් තියෙන අය ඕන තරම් ඉන්නවා.විභාග වලට A ගන්න අයත් ගොඩක් ඉන්නවා.එත් යටා... උබ වගේ අය මේ සමාජේ  ගොඩක් අඩුයි...




1 comment:

  1. මේ වගේ උං අඩුයි..පස්සේ කොහොම වෙයි ද දන්නෑ......

    ReplyDelete