දිවි පුද නොකළ ජාතික වීරයෙක්......


මේ කතාව දිවි පුද නොකළ ජාතික වීරයෙක් ගැනයි. සුද්දන්ට සිංහල කුණුහරපෙන් බැනල කකුල දෙපාරක් පොළවෙ හැප්පුවේ නම් ඔහුටත් නිදහසේ දේශප්රේටමියෙක් වීමට හැකිවන්නට ඉඩ තිබුණි.....


ඉන්දියාවෙ නිදහස වෙනුවෙන් ඒ රටේ දේශප්රේ මීන්ගේ ලේ ඇට මස් නහර ශරීරකූඩු වලින් එලියට පැන කෑ කෝ ගසද්දි ඔහු සුද්දන්ට අතටඅත දුන්නේය. අපේ රටේ ජාතික හැඟීමට සිංහල භාෂාව රාජ්යි භාෂව කළ සියල්ලෝම සරොම් කමිස අඳිද්දි ඔහු ටයි කෝට් හැඳ සුද්දටත් වඩා අපූරුවට ඉංග්රීීසි කතා කළේය.


ඔහු මහ අමුතු මිනිසෙකි. දෙපැත්තෙන් ඉහළට නැමුණු උඩු රැවුළ ඔහු හැඟීමට වඩා බුද්ධියට මුල්තැන දෙන ප්රාකඥයෙක් බව ඔප්පුකරවන කදිම සංකේතයකි. මතකයේ හැටියට ඔහුගෙ කාලයේ, 1948දී විතර ඉංග්රීිසීන් නිළ වශයෙන් අපට නිදහස ලබා දුන්නේය. සමහරු කියන හැටියට එය බියගුලු නිදහසකි. ඔවුනට අනුව ඔහු ගැත්තෙක් ය ඉත්තෙක්ය. 

අප නිදහස ගත්තේ නැත. අපට නිදහස දුනනේය. ඒ අපූරු මිනිසා ගැන අප අවුරුද්දකට සැරයක් එන පෙබරවාරි 4 වෙනිදාට වත් සත්න්නේ නම් වටින්නේ යැයි මට හැඟේ. අපි දැන් ඒ ගැන හිතමු. 

ලොකෙ රටවල් අධිරාජ්යේවාදයෙන් නිදහස්වෙන්න පටන් ගත්ත. ඉන්දියාව නිදහස වෙනුවෙන් ලේ ගංගා වගුරවද්දි එක ලේ බිඳක්වත් නොසොල්වා අපිත් නිදහස ගත්ත. වෙනසකට තියෙන්නෙ ලේ නොවැගිරුණ එක විතරයි. හිරු නොබසින්න තරම් බලයක් තියන බ්රිගතාන්යස එක්ක හැප්පෙන්න බැරි බව ඔහු හොඳින් දැනගෙන හිටිය.පල නොකියා පලා බෙදන්නේ කෙසේදැයි කියාපාන මහෝෂධ නුවනක් මෙ මහා මාන්න සහිත පුද්ගලයාට තිබ්බ. අන්තිමේදී සුද්දාට අපිට නිදහස නොදී ඉන්න බැරිවුනා. ලබාගත් නිදහස ආරක්ෂා කරන්නට ඒ කාලෙ ලංකාවේ හමුදාවක් තිබ්බෙ නැති නිසා අවි ආයුධ දෙන්නත් ආරක්ෂක පුහුනුව දෙන්නත් සුද්දා එකඟවුනා. ලංකාව වෙනුවෙන් පිටරටවලට ගිහිල්ල කතා කරන්නත් සුද්දා එකඟවුනා.


උරන්ගේ මාලු උරන්ගේ පිටේම තියල කපන්නේ කොහොමද කියල මේ අපූරු මිනිසා පසක් කලා. ඇතමුන් කිව්වෙ ඔහු බටහිර ගැත්තෙකු කියල. මටත් හිතෙන විදිහට ඔහු බටහිර ගැත්තෙක්. හෙළ දිව වෙනුවෙන් තම දිව බටහිරට නැවපු බටහිර ගැත්තෙක්. 

මොහුගෙ වෑයම වුනේ ඉංග්රී සි කතා කිරීමවත් ටයි කෝට් පැළඳීමවත් නොව තමා තුළ සිටින කලු සිංහලයාව සුද්දන්ට සුද්දන්ගේ භාෂාවෙන් පෙන්වීමයි.අවසානයේ සුද්දාට ඒ භාෂාව තේරුනා. 1948 පෙබරවාරි 4 වෙනිදා සුද්ද අපට නිදහස දුන්න.අපි මේ මහ ඉහළින් සමරන්නේ ඒ නිදහසේ මහා මාන්ය ය. 
ඒ ටයි කෝට් ඇඳගත් මහ කලු සිංහලයා කවුද කියනව නම් ඔහු මහාමාන්යද ඩී. එස්. සේනානායක. 

ඔහු අපට නිදහස ලබා දුන්නෙ දිවිහිමියෙන් නෙවෙයි මනස වෙහෙසවල. සේනානායකයනි! ඒ නිසා මට ඔබ ජීවිතය පූජා නොකළ ජාතික වීරයෙක්. රට වෙනුවෙන් මැරෙනවට වඩා රට වෙනුවෙන් ජිවත් වෙනතාලෙ කියල දුන් වීරයෙක්. එු වෙනුවෙන් ඔබට ස්තූතියි. 

facebook  එකෙන් උපුටා ගත්තට හිතන්න තියෙන දෙයක්...

No comments:

Post a Comment