පව්කාරයෙකුගේ ඇරයුම...

"මට උදෙත් එකයි..රෑත් එකයි...රෑ දහයත් එකයි..සිගිති...... මේ තුශාර බෝඩිං සෙල්ලමට පුරුදු උනේ අවුරුදු දහ අටේ ඉදලා...තේරුණානේ...  තුශාර බෝඩිං හෙල්ලුවා.හොස්ටල් හෙල්ලුවා.මේ තුශාර කොහෙවත් පදිරි වෙලා නෑ හරිද.."

"තුශාරට කවුරුත් සෙල්ලම් දාල නෑ.." සිගිති සිනාසුනාය. ඇය නැවත තුශාරට සරදම කලේ ඔහු කෝප කිරීමේ අදහසිනි.වැඩය පසෙක තැබූ තුශාර ඇය පසුපස එලෙව්වේය.


හි‍ටු කෙල්ල..

බලාපොරොත්තු නොවූ  ලෙස තුශාර සිගිති පසුපස එලවීම නිසා ඇයට පෙර මෙන් කාමරයට වැදී දොර වසා ගත නොහැකි විය.ඇය කාමරයට ගොස් ඇදට පැන්නාය.කෙස් කළබ ඇල්ලීමට පොර කෑ තුශාර ඉදිරියේ ඇය නිහඩව සිටියාය.සිගිතිගේ සුන්දර එහෙත් පිපාසිත දෙනෙත් ඉදිරියේ තුශාර නිහඩ විය. උඩුබැලි අතට ඇදෙහි සිටි ඇය මදක් එසවීය.ඇදෙන් පහලට දෙපා වැටෙන සේ සිටි සිගිති, තුශාරව ඇය වෙතට ඇද ගැනීම නිසා, ඔවුනොවුන්ගේ සිරුරු තරයේ ස්පර්ශ වීම වලක්වනු බැරි විය.තුශාරගේ සිරුර ගිනියම් වී ගියේය.සිගිති තව තවත් තුශාරව ඇය වෙතට ඇද ගත්තාය.

"අම්මා එයි"තුශාර බිදුනු ස්වරයෙන් කථාකළේය.සිගිති කිසිත් නොකීවාය.ඇයගේ කෙටි සුසුම් හා දිග සුසුම් ඔහුගේ මුහුනේ වැදුනේ ආගන්තුක යම්කිසිවකට කරන ආරාධනාවක් පරිද්දෙනි.ඇගේ ළැම පුරා පැතිරගත් යම්කිසි සුවදක් ඇතැයි තුශාරට සිතුනි.

සිගිති තුශාරගේ බරත් සමග එසවී ඔහුගේ උරහිස සපාකෑවේ ආවේස වූ එකියක ලෙසිනි.ඈ එක එල්ලේම තප්පර ගණනාවක්ම ඇබරෙමින් ඔහුගේ උරහිස සපාගෙනම සිටියාය.තුශාරට එවෙලේ ඉන් ලැබුනේ දැඩි සුවයකි.ඔහු ගිනියම් වූ සිරුරින් යුතුව ඇය සිය සිරුරට දැඩිව යට කර ගත්තේය.තුශාර යමක සීමාව හදුනාගැනීමට තරම් ප්‍රසන්න සිහියෙන් සිටියේ නැත.

"ඔය ඇති තුශාර.."සිගිති එය අතින් තල්ලු කලේ කොදුරමිනි.තෘප්ත නොවූ සිරුර දඩ බල්ලෙක් මෙන් මස් රස සොයා වල් වැදීමට උත්සාහ කළේය.ඒ මේ අත ඇබරෙන සිගිතිගේ උනුසුමින් නැගිටීමට තරම් ප්‍රසන්න කෙළවරක ඔහු සිටියේ නැත.

"අම්මා එනවා වගේ.."සිගිති දුබල ස්වරයකින් කීවාය.

තමා මැද සාලයට පිවිසුනේ යැයි ඔහු සිතුවේය.එතරම් ඉක්මනින් කාමරයට ඒමට තරම් හයියක් ලැබුනේ කෙසේදැයි ඔහු මැද සාලයේ සිට කල්පනා කළේය.මුලින් සිටි ඉරියව්වෙන්ම ඇදේ වැතිරී සිටින සිගිති දු‍ටු විට, ඇදුමට ඔරොත්තු නොදෙන උනුසුමින් සිරුර වෙහෙස කරන්නේය.ප්‍රලය නොවූ අසාව තවමත් සිරුරේ කැකෑරෙමින් පවතින්නේය.තමා එදින ඇයගේ නිවසට නෑවිත් සිටියානම් හොද යැයි ඔහුගේ සිත නිරන්තරයෙන් වද විය.

කොට කලිසම් ජංගි කොට හැද, වැලි සෙල්ලම් කළ කාලයේ සිට තම නැගනියක බදු වූ ඇයගේ උනුසුමට තමා යටවීම ඔහුට පුදුමයක් මෙනි.ඇයගේ මුරන්ඩු,හිතුවක්කාර සිත තුල මත්වන නොබැදියාව ඔහුව අතරමං කරවීය...(මතුවට....)

No comments:

Post a Comment