කඳුළු බිංදුවක හැඩය ගත් මේ දිවයිනේ සෙනඟ පිරුණු රාත්‍රී දුර බස් සංස්කෘතිය තරමක් අමුතුම එකකි. එම බස් වල ගැහැනු උදවිය දකින්නට ලැබෙනුයේ කලාතුරකිනි.වෙහෙස, දහදිය සහ වනචරකම පිරුණු පිරිමි ප්‍රාණීන් අතර ගැහැනියකට එහෙට මෙහෙට වෙමින් ගමන් කිරීම සිම්පල් ම නැත. මේ මා නුවර සිට නැවත පැමිනෙද්දී සිදුවුන සිදුවීමකි. හිටි හැටියේ මා ගමන් කළ බස් රථයට නුවරින් ගොඩවූයේ බසයම සුවදවත් කළ සුන්දර තරුණ යුවතියකි. ගැහැනු පුළුටක් නොවූ එම බසයේ ම අවධානය ඇය වෙත යොමු වූ සැටියකි.

සුගතේ බාස්


සුගතේ බාස් කොළඹින් දුර බැහැර පිහිටි අපේ පුංචි වැඩබිමේ  හිටි උප කොන්ත්‍රාත් කාරයෙකි. හොඳ මේසන්  බාස් කෙනෙකි. මිනිස්සු විසිපහක් තිහක් තබාගෙන වැඩබිම කෙළවරේ වාඩි  ගසාගෙන සිටි ඔහු ඉදිවෙමින් තිබුණු ගොඩනැගිල්ලේ  කම්බි බැන්දේය. කොන්ක්‍රීට් දැම්මේය.ෂටරින් ගැසුවේය. යුහුසුළු කුහුඹු ගුලක්වන්  සුගතේ බාස් ගේ ගෝල පිරිස  මා ඒ වැඩබිමට යනවිට උද්යෝගයෙන්ම සිටි කණ්ඩායමයි.

ලොසින්ජර වෙනුවට..

___තාර පාර දිග___
____පාට පාට කඩ____

මේ ගීතය අහද්දී මගේ මතකය තරමක් ඈතට දිව යනවා. ඒ එක්තරා කතාවක් නිසා. මේ ගීතය අහන හැම වතාවකම මේ සිදුවීම එක්ක ගීතයට තියෙන සම්බන්ධය මාව පුදුම කරනවා. මට වඩා ඉහළ පන්තියක හිටියා මගේ මිත්‍රයෙක්. මම ඔහුව අමල් නමින් හඳුන්වන්නම්. ( ඒ ඔහුගේ සැබෑ නම නොවේ ) අමල්ගේ අම්මා අමල් පොඩි කාලෙම දාලා යන්නේ ගර්භාෂගත පිළිකාවක් නිසා. එතකොට ඔහුට අවුරුදු හතරයි. අමල්ට හිටියා අක්කා කෙනෙක්. ඒ වෙද්දී අක්කාට අවුරුදු 14යි. ඒ කියන්නේ අමල්ට වඩා අවුරුදු දහයක් වැඩිමල්.

අම්මා නැතිවුණු තැන ඉඳන් අමල්ගේ හැම උවමනා එපාකමක්ම බැලුවේ ඒ ලොකු අක්කා. තාත්තා වැඩකළේ ෆැක්ටරියක. ඒ නිසා ඒ තාත්තට ගෙදර රැඳෙන්න තිබුණු ඉඩකඩ හරිම අඩුයි. ගෙදර ආත්තම්මා හිටියත් අමල්ගේ හැම දෙයක්ම හොයලා බැලුවේ අක්කා. ඉස්කෝලේ ගිහින් ආපු තැන ඉඳන් අමල් ගැන ඇහැ ගහගෙනම හිටියා. කැව්වා, පෙව්වා. කාලේ ගත වුණා. අමල් උස් මහත් වුණා. අක්කා තමන්ගේ ඉස්කෝලේ ගමන සාමන්‍ය පෙළින් නැවැත්තුවේ ගෙදර අගහිඟකම් නිසා. අක්කට අම්මා කෙනෙක්ගේ වගකීම වේලාසනම කර ගහන්න සිද්ධ වුණා. ඒ නිසාම අක්කා කෙනෙක්ට වැඩිය අම්මා කෙනෙක්ගේ ස්වරූපය අමල්ගේ අක්කට ආරෝපණය වුණා.


අමල් සාමන්‍යපෙළ පාස් වෙලා උසස් පෙළට ආපු කලේ තරමක් මුරණ්ඩු අයෙක් වුණා. විභාගේවත් පාස් කරගනියිද කියන සැකය එන තරමට අමල් රංචුවට වැටුණා. මේ හැමදේම අක්කට ඉව වැටුණා. මට මතකයි අමල්ගේ අක්කා ඉස්සර පන්ති ගාවට ඇවිත් මල්ලි පන්ති යනවාදැයි කියා රැකගෙන ඉන්නවා. අමල් මේවා දන්නවා. ඒ නිසා අක්කව මග ඇරලා කට්ටි පනින්න ඕන විදිහත් අමල් හොයාගත්තා.

හැබැයි දවසක් වැඩේ වැරදුණා. කොල්ලොත් එක්ක පාලු පාරකදී සිගරට් එකක් බීලා අමල් ටවුන් එක පැත්තට එද්දී අක්කට අහු වුණා. එදා දෙනෝදාහක් මිනිස්සු ඉස්සරහා අක්කා මල්ලිට එකම එක කම්මුල් පාරක් ගැහුවා. ගහලා කිවුවේ එකම දෙයයි. "අම්මා නැතුව මම උඹව බලාගත්තේ බොහොම අමාරුවෙන්. ඒ හන්දි ගානේ ඉඳන් සිගරට් බොන්න නෙමෙයි. වැදගත් මිනිහෙක් කරන්න" එහෙම කියපු අක්කා අඬ අඬාම ගෙදර ගියා. අමල් එතැනම ගල් ගැහිලා බලන් උන්නා. වටේ ඉඳපු කොල්ලෝ හෙමින් සැරේ මාරු වුණා. අමල් මට පස්සේ කාලෙක කිවුවා ඒ අක්කා මට ගහපු පළවෙනි සහ අන්තිම වතාව කියලා.

හැමදේම එතැන ඉඳන් වෙනස් වෙන්න ගත්තා. පළවෙනි වතාවේ අමල් විභාගේ පාස් වුණත් විශ්ව විද්‍යාලේ යන්න ලකුණු මදි වුණා. දෙවැනි වතාවේ ලංකාවේ ප්‍රමුඛපෙලේ විශ්ව විද්‍යාලයක කළමනාකරණ පිඨයට අමල්ට ඇතුලත් වෙන්න පුළුවන් වුණා. ඒ තමයි හැරවුම් ලක්ෂය. මේ හැමදෙයක්ම දිහා අක්කා හරි නිහතමානී සතුටකින් බලන් හිටියා. අමල් විශ්ව විද්‍යාලේ අවසන් අවුරුද්දේ ඉද්දි මහා අවාසනාවන්ත සිද්ධියක් සිද්ධ වුණා. අමල්ගේ අක්කාව මහ පාරේදී බස් රථයකට යට වුණා. අක්කා මැරිලා කියලා අමල් ගෙදර එනකල් දැනගෙන හිටියේ නෑ. ගෙදර එක්කන් ආවේ යාළුවො. ඒ වෙද්දී මිනිය ගෙදරට ගෙනැත් තිබුණා. අමල් සුදු කොඩි දකිද්දී හිතුවේ ඒ ආච්චි අම්මා කියලා. නෑ ඒ අක්කා කියලා දැනගද්දී අමල්ට සිහි නැතුව වැටුණා. එදා අමල් කෑ ගැහුවේ අක්කේ කියලා නෙමෙයි "අම්මේ" කියලා.

අද අමල් ප්‍රධාන පෙළේ මුල්‍ය සමාගමක අලෙවි විධායකයෙක්. ඒ තැන දැකගන්න අක්ක අද නැති වුණත් අක්කා එදා ඒ ගැන දැනගෙන ඉන්න ඇති. අමල් අදටත් අක්කා වෙනුවෙන් ධාන මාන පිංකම් කරනවා. අමල් මට පස්සේ කාලෙක කිවුවේ එක දෙයයි. "ලබන ආත්මෙක උපතක් මට ලැබුණොත් මං ප්‍රර්ථනා කරන්නේ මම අක්කගේ දරුවෙක් වෙලා ඉපදෙන්න කියල්ලා විතරයි"


තාරපාර දිග පාට පාට කඩ සල්පිල්  සෙවනැල්ලේ
ගිනි සුළඟින් දූවිලි ඇවිලෙනවා
ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ

රූප පෙට්ටි කෙලි සෙල්ලම් නගරය
කාසි තරගයට සූදු කෙළිනවා
ජීවිතයේ රණබිමට වඩින්නට
මලේ නුඹට කල දවසක් එන්නේ

බෝල ලොසිංජර දිව රස කෙරුවට
බඩගින්දර නැහැ නිවා දමන්නේ
කීරි ගැහෙන කල වාරු නැති දෙපා
කොහොමද නුඹ දිගු ගමන දුවන්නේ

ගායනය    :     මාලනී බුලත්සිංහල
සංගීතය    :     ආනන්ද ගමගේ
පද රචනය :    ප‍්‍රණීත් අභයසුන්දර

විප්ලවවාදියා.


සියල්ලම නමයි හිස
"ඔව්" කියයි...
එකෙක් ඔසවයි සිරස
"නෑ" කියයි....

පව්කාරයෙකුගේ ඇරයුම...

"මට උදෙත් එකයි..රෑත් එකයි...රෑ දහයත් එකයි..සිගිති...... මේ තුශාර බෝඩිං සෙල්ලමට පුරුදු උනේ අවුරුදු දහ අටේ ඉදලා...තේරුණානේ...  තුශාර බෝඩිං හෙල්ලුවා.හොස්ටල් හෙල්ලුවා.මේ තුශාර කොහෙවත් පදිරි වෙලා නෑ හරිද.."

"තුශාරට කවුරුත් සෙල්ලම් දාල නෑ.." සිගිති සිනාසුනාය. ඇය නැවත තුශාරට සරදම කලේ ඔහු කෝප කිරීමේ අදහසිනි.වැඩය පසෙක තැබූ තුශාර ඇය පසුපස එලෙව්වේය.

සැනසුම සොයා....


සුදු මීදුම නිල්වන් කදුවැටිය වැළදගත් ගමන්ය.නාමල් සුවදින් සුවදවත් වූ මද පවන හීනයක් සේ මුමුන මුමුනා යයි..කෝකිල නාදයත් ,බබරුන්ගේ ගුමු ගුමුවත් එකට වෙලී පැටලී ඇත්ත සේය.මැදියම් ‍රැයේ වැ‍ටුනු පොද වැස්සෙන් පොළව තෙමී නැවුම් සුවදක් පතුරවයි. රන්වන් හිරු කිරණ තැවුරුනු බෝපත් , මිහිරියාව දෙගුන තෙගුන කරවයි..


"සුමේධ.."

පෙරදා සසුන්ගත වූ හිමියන්ගේ සුරතෙහි තිබූ ඉදල වහා නතර විය.

අපි නොදු‍ටු අපේ කම...

ෆයිනල්ස් ගොඩ දා ගැනීම පිණිස යහන් ගත වූ යටා...

අපේ බැච් එකේ ඉදපු ඩයල් එකක් තමා A to Z යටවර කියන්නේ..ඌට එහෙම කියන්නේ උගේ මුල් අකුරු සෙට් එක දිගයි ඌටත් වඩා...හරියටම කියනවනම් උගේ සම්පූර්ණ නම් ලියන්න අයිඩෙන්ටියෙ ඉඩ මදි..

The Human Stain










ඇය තරුණයි.. ලස්සනයි... රාගිකයි...

ඔහු මහාචාර්යවරයෙක්.., බුද්ධිමතෙක්.., මහල්ලෙක්...















ඔහුට නැහෙන්නට අවශ්‍ය විය.

නැහෙන්නට හොදම මාර්ගය ඔහුට හමුවිය.
When a disgraced former college professor has a romance with a mysterious younger woman haunted by her dark twisted past, he is forced to confront a shocking secret about his own life that he has kept secret for 50 years.

මුතුකුමාරණ මිස් සහතික කළ මගේ අනාගතය....


මේ සිද්දිය උනේ මම ඉස්කෝලෙ ගිය නවය වසරෙදි.

"නාහෙට නාහන ඇට්ටර කොල්ලෙක්"

අංශ ප්‍රධානී ඉදල හැම ගුරුවරයෙක්ම මට දීලා තිබුනු චරිත සහතිකය ඒක.


ගමේ ඉස්කෝලෙක ඉදලා ශිෂ්‍යත්වෙ පාස් වුන වැ‍රැද්දට ගාල්ලෙ ලොකු ඉස්කෝලයක් කියපු කොන්ක්‍රීට් වනාන්තරේට අවට පස්සෙ හොදයි කියල හිතුනු හැම දෙයක්ම වෙනස් වුනා..ඒ ගමේ පරිසරය,දුව පැනපු වෙල් ඉපනැලි,වැල් වල එල්ලිලා වැල් පැදපු කාලෙ,කොට්ටම්බා තලාගෙන කාපු,ඉස්කෝලෙ පිටිපස්සෙ කැලේ බංකර් හදාගෙන වෙඩි තියාගත්ත ඒ සුන්දර කාලෙට තිත තියන්න උනා....

බිල් ගේට්ස් පැරදවූ සැබෑ සුපිරි ධනවතා...

ලොව සුපිරිම ධනවතා වන බිල් ගේට්ස් මේ අපූරු ධනවතාව මුණගැසුනා මීට වසර 5කට කලින්. බිල් සිතුවේ ඔහුට සහ මේ අපූරු ධනවතාට කතා බහ කිරීමට කිසිදු පොදු දෙයක් සොයා ගත නොහැකි වනු ඇත කියායි. එනිසාම ඔහු මේ සාකච්ඡාවට අරමුණු කරන්නේ පැය භාගයක කාලයක් පමණයි. නමුත් මෙම හමුව අවසන් වූයේ පැය 10ක සුන්දර කතාබහක් අවසනායේ බිල් ගේට්ස් ලොව දෙවන ධනවතා ගේ අනුගාමිකයකු වීමෙන්...

සංකල්පනා...

නායකයෙකු විසින් පරාජයන් කලමනාකරනය කල යුත්තේ කෙසේද?



මෙම පැනයට පහත සදහන් පිලිතුර ලබා දෙන ලද්දේ ප්‍රසිද්ධ විද්‍යාඥයෙකු සහ හිටපු ඉන්දීය ජනාධිපතිවරයෙකු වන අබ්දුල් කලාම් විසිනි...

දිවි පුද නොකළ ජාතික වීරයෙක්......


මේ කතාව දිවි පුද නොකළ ජාතික වීරයෙක් ගැනයි. සුද්දන්ට සිංහල කුණුහරපෙන් බැනල කකුල දෙපාරක් පොළවෙ හැප්පුවේ නම් ඔහුටත් නිදහසේ දේශප්රේටමියෙක් වීමට හැකිවන්නට ඉඩ තිබුණි.....

අකුලෙන් ඔබ්බට...


වසර දෙකක් පුරා සිප්සතර හදාරපු ඒ සරසවි මවු තුරුලින්, අපිට ඈත් වෙන්න වෙලා..
කාලය ගිය දිගු ගමනක ඉක්මන..
ඒ ක‍ටුක, සුමිහිරි අතීතෙට ආයෙත් යන්න තියෙනවා නම්.....

ඒ යාළුවෝ..
ඒ ලෙච්චර් රූම්..
ඒ හොස්ටල් එක,වල,ගොඩ,තුංමුල්ල.....
ඒ කරපු අමතක නොවෙන දේවල්.. එක්ක.........

අවාසනාවකට අපිට ඒ කාලේට යන්න බෑ..

ඒත් තාමත් අපි අපේ ඒ කාලෙට ආදරෙයි..
ඒක කවදාවත්ම නැති වෙන්නේ නැති බැදීමක්...

කවිකාරියේ........

මූසල සුසානයක මිහිදන් කළ නොමියෙන මතකය....





කථාව මුල සිටම පටන් ගන්න,මට ටිකක් කාලයේ ආපස්සට යන්න සිදුවෙනවා..මේ කවිකාරි මට මුලින්ම මුණ ගැහුනෙ මම  open university එකේ  1st year  ඉගෙනගන්න පටන් ගත් කාලෙමයි.......එයත් අපේ බැච් එකේම සොයුරියක්..හරිටම කියනවානම් අක්කා කෙනෙක්..මට එයාව අඳුන ගන්න ලැබුන පළවෙනි අවස්ථාවෙ ඉඳල මගේ හිත පුදුමාකාර විදියට පැහැදුනා...

මොහොතක් සිතන්න..

“ ඔබ ඔබගේ තරඟකරුවන් සමග යුධ වදින්න..ඔබගේ අසල්වාසීන් සමග සාමයෙන් සිටින්න..නව වසරක් පුරා ඔබ තුලින් අලුත් මිනිසෙක් මවන්න “ - බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්

“ ඔබ පුංචි දේ කරමින් සිටින අතරතුර විශාල දේ ගැන සිත යොමු කරන්න..එවිට ඔබ කරන සෑම පුංචි දෙයක්ම නියම දිශාවට නියමාකාරයෙන් ගමන් කරාවි“ - ඇල්වින් ටොප්ලර්

“ඔබට සෘණාත්මකව සිතමින් ජීවත්විය නොහැක..එනමුත් යන්තම් හෝ ධනාත්මකව සිතා බොහෝකලක් ජීවත් විය හැක..එබැවින් නව වසරේ මුලින්ම ධනාත්මකව හිතන්න “ - බොබ් මාර්ලි

'' මම බය නෑ ''





3500 ක් විතර අරක්ෂක වලල්ලක් ඇතුලේ ඉන්න ජනාධිපතිවරයෙක්
'' මම බය නෑ '' කියන්නේ ආරක්ෂක අංශ කෙරෙහි විශ්වාස කරල,
එතකොට පාතාලේ කොනෙක් එහෙම කියන්නේ අවි සහ ඇගේ හයිය විශ්වාස කරලා
මේ මොකවත් නැති කෙනෙක් මම බය නැ කියයි ද ?
කිව්වොත් එයා විශ්වාස කරන්නේ මොනව ද ?
එතකොට එයා විශ්වාස කරන්නේ එයා බය නෑ කියන කාරනය ට වඩා ''ජීවිතය'' වටින් නෑ කියන කාරණය . වඩාත්ම බය විය යුත්තේ ඔවුන්ටය,

ඒ අතින් බලනටකොට අපි කාටද බය, මොනවටද බය කියල හීනියට, නැවතිල්ලේ හිතන්න විතරයි තියෙන්නේ .....

චීන ජාතික සුන්ත් සු (Sun Tzu) මෙසේ පවසන්නේ එහෙයිනි;

"මෘදු බලයට හැමෝම කැමතිය.

         ජලය සියල්ලට ඉඩ දෙයි.

                               පසුව සියල්ල දියකර හරියි"



"ජලයේ පාවෙන කොටයකට පහර දෙන්න.

 සෙලවෙන්නේ කොටය ද ජලය ද?"



facebook එකෙන් උපුටා ගත්තට හිතන්න තියෙන දෙයක්...

මේ මට හිමි ලෝකයයි....


              ජීවත් වෙන්න වගේම මැරෙන්නත්, හිනාවෙන්න වගේම අඩන්නත්, හොද වෙන්න වගේම වල් වෙන්නත් අයිතියක් තියෙන අපිට බ්ලොග් එකකින් හිතට එන දෙයක් කියලා දැම්මම මොකද කියන අභිමානෙත් එක්ක මේ වැඩේට හා පුරා කියලා අත ගහනවා....

             දුක් කම්කොටොළු  වලින් පිරුණු වෙහෙසකාරී ජීවිතයකින් ලද  පීඩනය වගේම නොලියා සිටීමට නොහැකි  තරම් සංවේදී අත්දැකීම් ගොන්නක් තිබුනත් කවදාවත් කවියක්වත්  නොලියපු මම ලියන්න පටන් ගන්නේ  කොතනින්ද  කියලා මම තාමත් කල්පනා කරනවා...

             ඉතින් දෙන්න මටත් පුංචි ඉඩක් මේ කුළුදුල් තුන්පත් රටාව යථාර්ථයෙන් එහෙම නැත්නම් අමු ඇත්ත කියන වියමනෙන්  හෙමිහිට ලස්සනට වියාගෙන යන්න.